Friday, November 30, 2012

අපේ අලුත් වැඩේට ජය වේවා!

තෙරුවන් සරණින්! සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවෙන් මේ කටයුත්ත සියලු ආකාරයෙන් සාර්ථකත්වයට පත් වේවා කියල හිතාගෙන ඕං හා හා පුරා කියල අලුත් වැඩකට අත තියන්නයි ලැහැස්තිය.
                     මොකක්ද මේ අලුත් කියන වැඩේ ?. ඕන් ඉතින් මීට යුගයකට පෙර (යුගයක් කිව්වට මාසයක්) මට හම්බුනා අපේ ගජ මිතුරෝ ටිකක් එක්ක රත්නපුරේ වෘත්තීය මාර්ගෝපදේශන(මේ නම මොකා දැම්මද මන්ද) වැඩ සටහනකට සහභාගී වෙන්ඩ. (අපිට මේ වැඩේ සෙට් කොරපු පසිදු මල්ලිට ගොඩක් ස්තුතියි) ඔන්න ඉතින් මෙන්න මේකේ අමුතුම වැඩ ටිකක් සිද්ද වුණා. ඒව මොනවද කියලත් මං නිවාඩු පාඩුවේ කියන්නම් කෝ! මේ ගජයන් එක්ක වැඩ ගොඩක් කලා අපි! දවසක් දා මං මේ ගජයන් එක්ක ගෙදර එන ගමන් බස් එකේදි ආව මට අමුතුම අදහසක්. ඒ තමයි මේ ඔක්කෝමල එකතු වෙලා බ්ලොග් ගයක් පටා.....න් ගන්ඩ! මං ඉතින් කෙනෙක් එක්ක බ්ලොග් ලියනව දැන් කාලෙක ඉදන්. එයා තමයි මගේ මේ බ්ලොග් කතාවෙ මුල. ඉතින් ඔන්න අයෙත් කතාව කියමුකො! ඔන්න ඉතින් වැඩිපුර කාලය නාස්ති නොකරම මම අදහස බස් එකේ පිටුපස ආසනය අරක් ගෙන හිටපු මේ ගජයන්ගේ ඔලුවට අත හැරිය.
                       නයි කයිද රෝස් පාන් කිව්වලු. (එහෙම කිව්වද ?) හැමෝම වැඩේට ඉහලින්ම කැමතියි! ඒ කියන්නේ බහුතර ආසන සංඛ්‍යාවකින් සම්මතයි! (ආසන නෙවෙයි නේද ?) මේ සිද්ධිය ඇසින් දුටු ගජයෙකු වන ටිමල් මොහාන් විසින් මේ සුන්දර ආරම්භය පසු ෆෙස්බුක් සංවාදයකදී මෙසේ කවියට නගනු ලැබුවා!

                                                                  තරු පිරි රැයක
                                            සෙනග පිරි බසයක
                                            පිටුපස අසුනක
                                            උපන් බ්ලොග් එක සිතක

                                            සැබෑවක් උන සැටි
                                            අපි එකතු උන සැටි
                                            කයි කතා ලියන හැටි
                                            බලන් එය දැක මට ඇඬෙන හැටි


 ඔන්න ඔහොමයි කතාවේ ආරම්භය! හොදයි නේද ?.......තාම මේක හදල ඉවර නෑ ! වැඩ දාල හැඩ දාල ගමුකෝ! සීමා මායිම් නැති අපේ ලෝකයේ නිදහසේ වැඩක් කරන්න පටන් ගත්ත! ජය වේවා! 
(ගජයෝ - පසිදු , ටිමල්, ශෂික , අකලන්ක, තනූජ , එයා හා මම සමිත)

3 comments:

  1. අපි ගජේ ගහමු අලුත් විදිහකට. ජය වේවා!!!!!!

    ReplyDelete
  2. ෂා.... නියමයිනෙ :D
    මේ ගජේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!!
    (S)

    ReplyDelete
  3. හැමෝම එහෙනම් සාදුකාරයක් එහෙම දීලා වැඩේ පටාන්ගමු නේද? සාදු! සාදු!! සාදු!!!

    ReplyDelete