Sunday, December 9, 2012

ගුණේ අයියගේ කාමරේ....

තනූජ බුලත්ගම ගජයා විසින්,

මචන්, කොල්ලෝ සෙට් එකක් එකතුවෙලා කයියක් දානවට තමා ගජේ දානවා කියලා කියන්නේ. මෙන්න මෙහෙමයි කොලු බාසාවෙන් ගජේ අර්ථ දක්වලා තිබුණේ.ඒත් මට මීටර් වුනා සම්භාව්‍ය, සසම්භාව්‍ය,කාව්‍ය, වගේම තොත්ත බබා වගේ භාෂා වලිනුත් ගජේට  ලොවෙත් අර්ථ දක්වන්න පුලුවන් වග!. අඩේ නම නම් මාරයි! දාපු ටිමල් ට මගේ හද පතුලින්ම එන ගජ ප්‍රණාමය!

ගුණේ අයියගේ කාමරේ කියල පටන් අරගෙන විකාර කියවනව කියල හිතේ ඇති නේ ද ?.....
මේකයි සීන් එක , මේකට මුලින්ම දාන්ඩ ඉදල තියෙන නම ගජේ කාමරේ නොවැ.... මට කියවපු ගමන් ටක් ගාල ඔපුවට ආවෙ ගුණේ අයියගේ කාමරේ....! මම පුංචි කාලේ සද්දෙට සෙට් එක හයියෙන් දාල තියෙද්දී ඇහුවයින් මෙහා දෙතුන් පාරක් බස් එකේ එහාට මෙහාට යද්දී ඇහෙන්න ඇති.... එත් ඒක ගජේ....ට හිතට වැදිල තිබුණා. අද කාලේ ඇහෙන සිංදු වල තේරෙන වචන කීයද තියෙන්නේ ? ඒත් ඒ වගේද පරණ සිංදු ? හ්ම්........... දැන් ඉතින් ගජ ඉලන්දාරි වෙලා එත් ඉතින් මුල මතකයි! හි හ්... මෙහෙම හිතන කොට හිතට හීන්දෑරියට (ගජේට නෙවෙයි...) සතුටක් ආවා!.

ඒකෙන් මේකෙන් ගෙදර ඇවිත් මං ලියන්ඩ මොකුත් කල්පනා කරන කොට තමා අයිඩියා ආවේ ගුණේ අයියගේ කාමරෙයි අපේ ගජේ බ්ලොග් එකයි ගජේ....ට  ගැලපෙනව නේද  බොලේ කියල. කාලෙත් එක්ක තාලේ වෙනස් වුණාට වෙන්නේ කාරිය නොවැ... නැද්ද මචන් ? වෙනස් වෙලා තියෙන්නේ බොහොම ටිකයි, පිට සායම විතරයි. ඉස්සරට වඩා දැන් කොල්ලෝ සරමින් පිට පැනල ඩෙනිමට බැහැල, තව ඉතින් අමුතු ෆැෂන් හෙයාර් ස්ටයිල් එහෙමත් දාලා..... ආතල් වෙනස් වෙලා නෑ ඒ වුනාට සර්පිනාව, ඩොලැක්කිය, තබ්ලාව එලියට විසි වෙලා D J ;  Mixer  ඇතුලට ඇවිත් Party Dance, Break Dance, Gangnam Dance බුදු අම්මෝ ගජ වැඩ කෝටියයි...... කොහෙන් කොහොමහරි දියුණු වෙලා...


කැලේ වෙනස් වුණාට කොටියගේ පුල්ලි එහෙම්මයි කියන්ඩ දාන්නද සිංදුවෙන්ම example එකක්..... මැද හරියෙන්.....  "අලි වංශෙන් වැඩ පෙන්නන සුපර් මෑන්ලා ගැන ඒ කාලේ, මගේ ගජ යාලුවෝ ගොඩක් ඉන්නව ඔයවගේ ගජ මෑන්ස්ලා....... "
අහ්! දැන් කෝකටත් දේශපාලනේ රිංගනවනේ , මම ඔන්න මේකටත් රිංගෙව්වා.... ලංකාවේ කොඩියේ ඉන්නව නේ තේජ වීර බල ඇති සිංහයෙක්.....මෙන්න මේ සිංහයා ගජ Talks දාන්න ගත්තාම ඌ මොකාද වෙන්නේ ? ඌ ගජ සිංහයෙක් වෙනව.
අපේ දේශපාලකයෝ දෙන Talks හැටියට කොඩියේ සිංහයටත් ඒකම වෙයිද කියල මට බයයි!....

අපි නම් නිතරම සිංදුවක් කියල නටල fUN ගන්ඩ සෙට් වෙනව ..... ඒත් ඉතින් ජෙම්බේ, බොංගෝ, ඩෝල REPLACE වෙලා..... මොනව කරන්නද කාලෙත් එක්ක දියුණු වෙන්නත් එපැයි!...

සොමියට වරෙන් පුතා අගුල දාල නෑ දොරේ.....
අහපන් රියල් කතා ගුණේ අයියගේ කාමරේ....
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා ූූූූූ.....
මස්කට් පැණි බූන්දි තියෙනව මගේ කාමරේ....

අපේ ගජේ එකත් Loss නැතුව ඇරලා තියෙන්නේ ආතල් එක්ක කියවන්න එන හැමෝටම........

ඔක්කොම රියල් කතා No සුරංගනා.,Side එකෙන් මේක Follow කරන් දිගටමම..
ආතල් එකට  Set වෙන්ඩ මස්කට් පැණි බූන්දි වෙනුවට පැණි බේරෙන රස කතා තව Animation ; Artistic, Cartoon වැඩ කෑලි ගොඩා....ක්.

දැන්නම් ඇති , නැත්නම් මේක කියවන්න එපාවෙනව. සිංදුව ගජ ලිපියක් වෙනවා වගේ. අද මම ගජ talks දුන්න කියල බය වෙනව එහෙම නෙවෙයි ඕන්.... මොකෝ මං මේ ශාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ පොරක් මිසක් ගජේන්ද්‍ර එහෙම නෙවෙයි......

පතන්නම් ඔබ සැමට,
                                           ගජ වාසි!
                                           (තනූජ)

5 comments:

  1. හැබෑටම බං ගජේට මෙච්චර අර්ථකථන දෙන්න පුලුවන් කියල මට කල්පනා උනේ නෑ නොවැ. මගෙ මතකෙට නම් ආවෙ අපිට පුරුදු ගජේ ගැහිල්ල තමයි. මෙව්ව මතක් කරල දුන්නට උඹට බොහොම ස්තූතියි.

    ඔය එක එක ගජමැටික් දාල එහෙනම් අපි මේක දිගටම ඇදගෙන යමුකෝ. :)

    ReplyDelete
  2. ශෝක් කථාව :D :D :D

    දිගටම ලියන්න.එතකොට ගජේපොට් එක බලන්න ගජරාමෙට සෙනඟ එයි :)))))))

    ReplyDelete
  3. හැබැයි හැමදාම link යවන්න නම් බෑ ;)

    ReplyDelete
  4. හෙ හේ :D :D :D මං follow කරන්න ගත්තා.දැන් හරි :)))))

    ReplyDelete